MOT News

වෙළෙඳ අමාත්‍යංශය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම අවසන් දිනය 2021.12.27

This website under construction

This website under construction

Hon. Minister

Dr. Bandula Gunawardana

Dr. Bandula Gunawardana

Hon. Minister of Trade

  • Phone0112423020
  • Email Addressdrbandulag@gmail.com
  • AdresssNo 492, R. A. De Mel Mawatha
  • LocationColombo, Sri Lanka

ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය

වර්තමාන රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සමාජ, ආර්ථික හා සංස්කෘතික යන ප්‍රධාන ක්ෂේත්‍ර පෙරදැරි කර ගත් ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යයමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම උදෙසා එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත් දස වැදෑරුම් ප්‍රතිපත්තිවලට අනුකූල වෙමින් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉහළ දායකත්වයක් ලබා දීම වෙළෙඳ අමාත්‍යංශයේ ප්‍රධාන වගකීමකි.

පාරිභෝගිකයින්ගේ අයිතීන් ආරක්ෂා කරමින් තරඟකාරී දේශිය වෙළෙඳ ජාලයක් හරහා ජනතාව වෙත අවශ්‍ය පාරි‍භෝගික ද්‍රව්‍යය ලබා දීම සඳහා කටයුතු කිරීම, වෙළෙඳ අංශයේ නායකත්වය සපයමින් සේවා හා නියාමන ක්‍රියාකාරකම්වල යෙදෙමින් කටයුතු කිරීම, ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම, එම වෙළෙඳ ප්‍රතිපත්තිය නියාමනය කිරීම හා ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා පරිභෝජන භාණ්ඩ හා සේවා වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් ජීවන තත්ත්වය ඉහළ මට්ටමකින් පවත්න‍වාගෙන යාම සඳහා වෙළඳ අමාත්‍යංශය සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍යංශය සහ වෙළෙඳ අමාත්‍යංශය යටතේ පවතින ආයතන සමඟ සෘජුව දායක වී මඟපෙන්වීම සිදුකරන අතර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරලීම, ජාත්‍යන්තර වෙළෙඳාම ඉහළ නැංවීමට, විදේශ විනිමය උත්පාදනයට හා එතුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් මාගේ දායකත්වය ලබා දීමට අදිෂ්ඨාන කරමි.